කැස්ටනෙට් (Castanets) යනු බෙර වාදන පවුලට අයත් සංගීත භාණ්ඩයක් වන අතර එය ලී වලින් සාදන ලද යුගල දෙකකින් සමන්විත වූ මෙවලමකි. මෙය ක්ලැකර්ස් (clackers) හෝ පැලිලෝස් (palillos) ලෙසද හැඳින්වේ. එය මීට වසර 1000 පෙර ෆිනීෂියානුවන්ගේ කාලයේ සිටම භාවිතා කළ බවට සාක්ෂි ඇත. ඊජිප්තුවරුන් මෙම භාණ්ඩය නිර්මාණය කල බවට ද විශ්වාසයක් ඇත.මෙම භාණ්ඩය සංස්කෘතික වටිනාකමකින් වර්ධනය වූ ප්‍රධාන රටවල් ලෙස ග්‍රීසිය,තුර්කිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය වැනි රටවල් හඳුනාගත හැක. වර්තමානය කැස්ටනෙට්ස් විවිධ සංගීත සංයුතීන්හි ප්‍රධාන සහායකයකු බවට පත්වී ඇති අතර, කාලයත් සමඟ නොනැසී පැවත එන පැරණිතම වාදන භාණ්ඩ වලින් එකකි. එය ස්පාඤ්ඤයේ සංස්කෘතිකමය සංකේතාත්මක උරුමයක් ලෙස සැලකේ. ස්පාඤ්ඤයේ සංගීතයේදී මෙන්ම නර්තනයේ රිද්මය ඉස්මතු කිරීමට විශේෂයෙන් කැස්ටනෙට් භාවිතා කරයි. කැස්ටනෙට් වටකුරු හා කුහර සහිත වන අතර, සාමාන්‍යයෙන් ඒවා ලී කැබලි දෙකකින් සාදා ඇත.එය ශක්තිමත් නූලක් ආධාරයෙන් එකිනෙකට සම්බන්ධ කර තිබේ. කැස්ටනෙට් හඩ පරාස දෙකකින් සමන්විත වන අතර පහළ හඩ කොටස මචෝ (පිරිමි) සහ තීව්‍ර හඩ කොටස හෙම්බ්‍රා (ගැහැණු) ලෙස හැඳින්වේ.තීව්‍ර හඩ ඇති යුගලය ...