Online කැවුම
ලස්සන පැණි කැවුමක් නේ
දැක්කම කාගෙත් හිත යන්නේ
හදිස්සි වී ගෙන්වන්නේ
පැණි බේරෙන කැවුමක්නේ
එනකම් මඟ රැක ඉන්නේ
නොවිසිල්ලෙන් පසුවෙන්නේ
කට අග කෙළ බේරෙන්නේ
රූපෙට මම රැවටෙන්නේ
පෙනුමට නම් රස වාගෙයි
කෑවම නම් අමු වාගෙයි
බාගෙට බා ගෙන වාගෙයි
ඔන්ලයින් කැවුම් නීරස වාගෙයි.
Comments
Post a Comment