කැස්ටනෙට්ස්(Castanets)
කැස්ටනෙට් (Castanets) යනු බෙර වාදන පවුලට අයත් සංගීත භාණ්ඩයක් වන අතර එය ලී වලින් සාදන ලද යුගල දෙකකින් සමන්විත වූ මෙවලමකි. මෙය ක්ලැකර්ස් (clackers) හෝ පැලිලෝස් (palillos) ලෙසද හැඳින්වේ.
එය මීට වසර 1000 පෙර ෆිනීෂියානුවන්ගේ කාලයේ සිටම භාවිතා කළ බවට සාක්ෂි ඇත. ඊජිප්තුවරුන් මෙම භාණ්ඩය නිර්මාණය කල බවට ද විශ්වාසයක් ඇත.මෙම භාණ්ඩය සංස්කෘතික වටිනාකමකින් වර්ධනය වූ ප්‍රධාන රටවල් ලෙස ග්‍රීසිය,තුර්කිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය වැනි රටවල් හඳුනාගත හැක. වර්තමානය කැස්ටනෙට්ස් විවිධ සංගීත සංයුතීන්හි ප්‍රධාන සහායකයකු බවට පත්වී ඇති අතර, කාලයත් සමඟ නොනැසී පැවත එන පැරණිතම වාදන භාණ්ඩ වලින් එකකි. එය ස්පාඤ්ඤයේ සංස්කෘතිකමය සංකේතාත්මක උරුමයක් ලෙස සැලකේ.
ස්පාඤ්ඤයේ සංගීතයේදී මෙන්ම නර්තනයේ රිද්මය ඉස්මතු කිරීමට විශේෂයෙන් කැස්ටනෙට් භාවිතා කරයි. කැස්ටනෙට් වටකුරු හා කුහර සහිත වන අතර, සාමාන්‍යයෙන් ඒවා ලී කැබලි දෙකකින් සාදා ඇත.එය ශක්තිමත් නූලක් ආධාරයෙන් එකිනෙකට සම්බන්ධ කර තිබේ. කැස්ටනෙට් හඩ පරාස දෙකකින් සමන්විත වන අතර පහළ හඩ කොටස මචෝ (පිරිමි) සහ තීව්‍ර හඩ කොටස හෙම්බ්‍රා (ගැහැණු) ලෙස හැඳින්වේ.තීව්‍ර හඩ ඇති යුගලය සාමාන්‍යයෙන් දකුණු අතේ මහපට ඇඟිල්ලෙ රදවා ගනී.පහළ හඩ ඇති යුගලය වම් අතේ මහපට ඇඟිල්ලෙ රදවා ගන ලැබේ.
හොඳ කැස්ටනෙට් සෑදීම සඳහා යොදා ගන්නා ලී වර්ග වන්නේ දෙළුම්, රෝස්වුඩ්, කළුවර හෝ ඕක් වැනි දැවමය.වර්තමානයේ ඒවා ඇත්දළ, කිරිගරුඬ, වීදුරු , ප්ලාස්ටික් සහ ඇලුමිනියම් වලින් සාදා ඇති නමුත් මේවායින් කිහිපයක් පමණක් සංගීතයට ප්‍රයෝජනවත් වේ. වෘත්තීමය ගුණාත්මක බව මෙන්ම කල් පැවතීම වැනි සාධක මත වැඩි වශයෙන් කැස්ටනෙට් විවිධ සන්නාම යටතේ කෘතිම ද්‍රව්‍ය යොදා ගෙන නිෂ්පාදනය කරනු දක්නට ලැබේ.
ඕක දකිනකොට මතක් වෙන දේ මොකද්ද?
ReplyDeleteFlamenco guitar
Delete