අභියෝග ජය ගන්න සතතාභ්‍යාසයෙහි යෙදෙන්න.
අභියෝග ජය ගන්න සතතාභ්‍යාසයෙහි යෙදෙන්න.
ඔබට ඔබ නියැලී සිටින ක්ෂේත්‍රයෙන් විශිෂ්ටයකු වීමට අවශ්‍යද? ඔබ ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? ඔබ දන්නා නමුත් ඔබ භාවිතා නොකරන හොඳම ක්‍රමය කුමක්ද?
මෙයට පිළිතුරු සෙවීමට.......
ඔබට ලිපි දහස් ගණනක් කියවිය හැකිය, මාර්ගෝපදේශ සිය ගණනක් නැරඹිය හැකිය, සම්මන්ත්‍රණ දුසිම් ගණනකට වඩා සහභාගි විය හැක, නමුත් අනවබෝධය මත ඔබට අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට නොහැකි විය හැක.
එසේනම් ඔබ කළ යුත්තේ කල් නොමරමින් සතතාභ්‍යාසයෙන් යෙදෙන්නෙකු වීමයි. ඉහත ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබෙනු ඇත.
පුහුණුව (practice) කෙතරම් වැදගත් දැයි ඔබ සැවොම දන්නා බව මට විශ්වාසයි. ඔබ වාදනය කරන මෙවලම ද ඔබ අනුගමනය කරන විනය ද එයට වැදගත්වේ. නිතිපතා හා නාභිගත පුහුණුවීම් මගින් වෙනසක් සිදු වේ. එය ඔබ දන්නා පහර හෝ පද ඛණ්ඩ ගණන වැදගත් නොවේ. ඔබ දන්නා ‘එක පහරක්’ වුවද කීවතාවක් එය පුහුණු වන්නේ ද යන්න වැදගත් ය. ඔබ නැවත නැවතත් එකම පද කොටස පුහුණුවීමෙන් කෙටි කාලයක් තුළ කැපී පෙනෙන ප්‍රතිඵල කරා ළඟා කරනු ඇත. ආරම්භ දී මිනිත්තු 10 ක් පමණ එකම පහරක් පුනරාවර්තනය කිරීමට ඔබට පුළුවන. ඉදිරියට යන විට ඒ සඳහා යොදන කාලය ක්‍රමක් ක්‍රමයෙන් දීර්ඝ කල හැක. ඔබටම ආවේණික වූ නිශ්චිත කාල රාමුවක් මත පුහුණු විමේ හැකියාව ඇත.
මුලදී, ඔබේ අතෙහි සමහර කොටස් වලට අපහසුතාවයක් දැනෙනු ඇත, එය මැඩ ගෙන ඔබ ඉදිරියට ගෙන යා යුතු අතර ඔබේ ශක්තිය සෙමින් ගොඩනඟා ගත යුතුය, එවිට ඔබට වැඩි කාලයක් පුහුණුවීම් වල නිරත වීමට හැකිය.
පුහුණුව මගින් සිදුකරන ප්‍රධාන මූලික කරුණ වන්නේ ඔබගේ ශරීරය නම්‍යශීලී කිරීම හා අභ්‍යන්තර කායික ශක්ති වර්ධනයි.මේ සදහා මානසික ඒකාග්‍රතාවය ඉතාමත් වැදගත්ය. මානසික ඒකාග්‍රතාවය නිවැරදිව ශක්තිය සම්ප්‍රේෂණය කර ගැනීම සඳහා උපකාරී වේ. ප්‍රායෝගික අභ්‍යාස වල නිරත වීමට ප්‍රථම ශරීර සැහැල්ලු කිරීමේ අභ්‍යාසවල යෙදීම ද වැදගත් වේ. එමගින් ඔබට අපහසුතාවලින් තොරව දීර්ඝ කාලයක් අභ්‍යාස වල නිරත විය හැක.සෑම විටම යොදාගන්නා කොටස් විසංයෝජනය කිරීමට උත්සාහ කරන්න සහ ඔබේ දුර්වලතා පිළිබඳව මනා අවබෝධයෙන් කටයුතු කරන්න.සරල කොටස් මත පමණක් රඳා නොසිට සංකීර්ණ කොටස් පිළිබඳව වැඩි අවධානය යොමුකරන්න.
නව ක්‍රම සොයන්න උත්සාහ කරන්න.බොහෝ වේලාවට එකම කොටස් පුහුණු වන විට ඔබට අප්‍රියජනක බවක් ඇති කරවයි. අලසකමින් තොරව පුහුණුවත්, විෂය කෙරෙහි දක්වන උනන්දුව හා කැපවීමත්, ඒ සඳහා යොදන කාලය මත ප්‍රතිඵල ලඟා කරනු ඇත. ඔබගේ වර්තමාන හැකියාවන්ට එහා ගිය විෂයානු බද්ධ කරුණු නිරන්තරයෙන් උත්සාහ කරන්න.නිරන්තර පුහුණුවීම ඔබේ හැකියාවන් වඩාත් යහපත් කරයි. ඔබට ඉතා දක්ෂ විය හැකිය, නමුත් පුහුණුවකින් තොරව ඔබට කිසිවක් අත්කරගත නොහැකිය. සෑම ක්‍ෂේත්‍රයකම, ඔබට යම් නිපුණතා මට්ටමකට ළඟා වූ පසු ඒ ගැන නොසිතා ස්වයංක්‍රීයව දේවල් කිරීමට හැකියාවක් ඇති කරවයි. ඔබ සිතීම හා අභියෝග කිරීම නවත්වන මොහොත වන විට ඔබගේ ප්‍රගතිය නතරවනු ඇත.
නුඹ මේ කියල තියෙන දේවල් සෑහෙන වටින දේවල්. අපේ ඇත්තො මේව හිතට ගත්තොත් නම් හරි..
ReplyDeleteස්තුතියි ඩිලා.ජය වේවා!
DeleteGodak watina dewal aiya mewa! Thank you! ♥️🔥
ReplyDeleteස්තුතියි.❤️
Delete