අභියෝග ජය ගන්න සතතාභ්‍යාසයෙහි යෙදෙන්න.
අභියෝග ජය ගන්න සතතාභ්‍යාසයෙහි යෙදෙන්න . ඔබට ඔබ නියැලී සිටින ක්ෂේත්‍රයෙන් විශිෂ්ටයකු වීමට අවශ්‍යද? ඔබ ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? ඔබ දන්නා නමුත් ඔබ භාවිතා නොකරන හොඳම ක්‍රමය කුමක්ද? මෙයට පිළිතුරු සෙවීමට....... ඔබට ලිපි දහස් ගණනක් කියවිය හැකිය, මාර්ගෝපදේශ සිය ගණනක් නැරඹිය හැකිය, සම්මන්ත්‍රණ දුසිම් ගණනකට වඩා සහභාගි විය හැක, නමුත් අනවබෝධය මත ඔබට අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට නොහැකි විය හැක. එසේනම් ඔබ කළ යුත්තේ කල් නොමරමින් සතතාභ්‍යාසයෙන් යෙදෙන්නෙකු වීමයි. ඉහත ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබෙනු ඇත. පුහුණුව (practice) කෙතරම් වැදගත් දැයි ඔබ සැවොම දන්නා බව මට විශ්වාසයි. ඔබ වාදනය කරන මෙවලම ද ඔබ අනුගමනය කරන විනය ද එයට වැදගත්වේ. නිතිපතා හා නාභිගත පුහුණුවීම් මගින් වෙනසක් සිදු වේ. එය ඔබ දන්නා පහර හෝ පද ඛණ්ඩ ගණන වැදගත් නොවේ. ඔබ දන්නා ‘එක පහරක්’ වුවද කීවතාවක් එය පුහුණු වන්නේ ද යන්න වැදගත් ය. ඔබ නැවත නැවතත් එකම පද කොටස පුහුණුවීමෙන් කෙටි කාලයක් තුළ කැපී පෙනෙන ප්‍රතිඵල කරා ළඟා කරනු ඇත. ආරම්භ දී මිනිත්තු 10 ක් පමණ එකම පහරක් පුනරාවර්තනය කිරීමට ඔබට පුළුවන. ඉදිරියට යන විට ඒ...